Search

වික්ටෝරියා පොලිස් නිළධාරීන්ට ප්‍රබල චෝදනාවක්

වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුවේ අතිශය සංවේදී දත්ත පද්ධතිය සාමාන්‍ය පොලිස් නිළධාරීන් විසින් අවභාවිත කිරීම ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය වසර 05 පුරා එම චෝදනාවට අදාළව පොලිස් නිළධාරීන් 178 දනෙතුට එරෙහිව පැමිණිලි ගොණු කර ඇති බවයි අනාවරණය වන්නේ.

ඉන් චෝදනා ගොණු කර ඇත්තේ 08 දෙනෙකුට පමණක් වන අතර 65 දෙනෙකුට විනය පියවර ගෙන තවත් 79 දෙනෙකුට එරෙහිව කිසිදු පියවරක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

තවත් 32 දෙනෙකු සම්බන්ධයෙන් තවමත් විමර්ශන මට්ටමේයි පවතින්නේ.

සංවේදී තොරතුරු භාවිත කිරීම සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිස් නිළධාරීන්ට විශේෂ පුහුණුවක් දිය යුතු බවටයි වික්ටෝරියා තොරතුරු කොමසාරිස් කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක දක්වා ඇත්තේ.

දත්ත අවභාවිත සිදුවීම් කිසිදු ආකාරයකින් අනුමත නොකරන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් ද සඳහන් කර තිබුණේ.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »