වික්ටෝරියා බාල අපරාධ අවම වයස ඉහළ නැංවීමේ යෝජනාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ගොණුකල හැකි අවම වයස අවුරුදු 14 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක් ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂ නායිකා සමන්තා රත්නම් පෙන්වා දෙන්නේ දැනට පවතින අවුරුදු 10 සීමාව හේතුවෙන් බාල වයස්කාර ළමුන් දැඩි පීඩාවකට ලක්වන බවයි.

මෙම තත්වය වළක්වාලීමට ප්‍රාන්ත ග්‍රීන්ස් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව විවාදයට ගත යුතු බවයි ඇය අවධාරණය කරන්නේ.

සෙසු රටවල් හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ බාල අපරාධ අවම වයස පවතින්නේ පහළ මට්ටමකයි.

එම වයස ඉහළ නැංවිය යුතු බවට Northern Territory ප්‍රාන්තයද පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »