වික්ටෝරියානුවන් මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳ නවතම වාර්තාවක්

පවතින ආර්ථික තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මුහුණදෙන ගැටලු පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඉතුරුම් මුදල් යොදා ගනිමින් දෛනික මිළදී ගැනීම් සිදුකිරීම මෙන්ම මුදල් ණයට ගැනීම් ද ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

ඉහළ වියදම හේතුවෙන් ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කිරීමටද වික්ටෝරියානුවන් කටයුතු කරමින් සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය මාස 06 තුළ සිය ආර්ථික තත්වය පිළිබඳ වික්ටෝරියානුවන් 1500 ක් සහභාගී කරගනිමින් සිදුකල සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබෙනවා.

නිවාස කුළියට සිටින්නන් සියයට 17 ක් පමණ පසුගිය මාස තුළදී අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ ආහාර වේල් මග හැර ඇති බවයි මෙහිදී තහවුරු වී ඇත්තේ.

උකස් ණය වාරික ගෙවීම ද වික්ටෝරියානුවන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුවක් බව මෙම වාර්තාවේ දක්වා තිබෙනවා.

NSW ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී දඩුවම් කාලය දෙගුණ කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැරදී සම්බන්ධයෙන් ලබා දෙන නියෝග තවදුරටත් පුලුල් කිරීමෙන් සිදුවිය හැකි ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කල හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »