SMS වංචාවක් ගැන ප්‍රධාන බැංකු 02 ක ගණුදෙනුකරුවන්ට අනතුරු ඇගවීමක්

වංචා සහගත කෙටි පණිවුඩයක් සම්බන්ධයෙන් ප්‍රධාන බැංකු 02 ක ගණුදෙනුකරුවන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

අසම්පූර්ණ ගණුදෙනුවක් පිළිබඳ දක්වමින් කොමන්වෙල්ත් බැංකුවේ ගණුදෙනුකරුවන්ට ලැබෙන කෙටි පණිවුඩයයි ඉන් ප්‍රධාන තැනක් ගෙන ඇත්තේ.

ඒ පිළිබඳ විමසීමට දුරකථන අංකයක්ද යොමු කෙරෙන අතර එය ඇමතූ පසු පුද්ගලික දත්ත සොරාගැනීමක් සිදුවන බව සඳහන්.

මේ අතර ING බැංකුවේ පාරිභෝගිකයන්ටද මෙවැනිම වංචා සහගත කෙටි පණිවුඩයක් ලැබෙන බවටයි වාර්තා පළවන්නේ.

ඔස්ට්‍රේලියාව තුළදී පසුගිය වසර තුළදී පමණක් මෙවැනි වංචාවන්ට හසුවීමෙන් බැංකු ගණුදෙනුකරුවන් විසින් අහිමිකරගෙන ඇති මුදල ඩොලර් මිලියන 20 කට අධිකයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »