
පර්ත් නගරයේ කසළ එක්රැස් කරන සේවකයන් ලබන සතියේදී සේවයෙන් ඉවත්ව සිටීමේ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
අතිකාල ගෙවීම අත්හිටුවීම සහ වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීම යන කරුණු සැළකිල්ලට ගෙනයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සැළසුම් කර ඇත්තේ.
මේ අනුව ලබන බදාදා දිනයේදී නාගරික කවුන්සිල 09 ක් ආවරණය වන පරිදි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පර්ත් කසළ එක්රැස් කරන සේවකයන් සූදානම් වනවා.

අදාළ සමාගම පවසන්නේ සේවකයන් සමග සාකච්ඡා කර එකගතාවයකට එළැඹීමට අපේක්ෂා කරන බවයි.
සිඩ්නි නගරයේ කසළ එක් රැස්කරන සේවකයන්ද පසුගිය සතියේදී වැඩ වර්ජනයක නිරත වූයේ අතිකාල ගෙවීම අත්හිටුවීම සහ වැටුප් වැඩිවීම ප්‍රමාණවත් නොවීමට විරෝධය පළකරමිනුයි.
