Search

පාසල්වල දුරකථන තහනම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක්

පාසල්වල ජංගම දුරකථන තහනම් පැණවීම් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පවසනවා.

මීට අදාළව විවිධ ප්‍රාන්තවල වෙනස් ආකාරයෙන් නීති ක්‍රියාත්මක වන බැවින් පොදු සම්මුතියක් ඇතිකර ගැනීම වැදගත් බවයි ඔහු අවධාරණය කරන්නේ.

මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා ඉදිරියේදී සියලුම ප්‍රාන්තවල අධ්‍යාපන ඇමතිවරුන් හමුවීමට සූදානම් බවද ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම එකිනෙකට වෙනස් ආකාරයෙන් පාසල්වල දුරකථන තහනම් බලාත්මක වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද ඉතාම නුදුරේදී පාසල්වල දුරකථන භාවිතය තහනම් කරමින් නියමයක් පැණවීමටයි සූදානමින් සිටින්නේ.

ඒ අනුව සියලු ප්‍රාන්ත පොදු ස්ථාවරයකට පැමිණිම වඩාත් යෝග්‍ය බවයි ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය ජේසන් ක්ලෙයාර් පෙන්වා දෙන්නේ.

ආබාධිත දරුවන් විශාල පිරිසකට උපකාර කළ අශ්වයාට වික්ටෝරියාවේදී සිදුවූ දේ

පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ආබාධිත දරුවන් රැසකට සහය වූ Therapy අශ්වයෙකු වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්ඩිගෝ හීදී සොරාගෙන තිබෙනවා.

Read More »

ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ වෙන්න තව පැය 48 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “AusLanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින 02 ක් පමණයි.

Read More »