
ජෛව ආරක්ෂණ ගැටලු හමුවේ මාස ගණනක් පුරා මෙල්බන් වරායේ ගොඩගැසී තිබූ රථවාහන නිදහස් කිරීම ආරම්භ වී තිබෙනවා.
සති කිහිපයකට පෙර 10,000 ක්ව පැවති වාහන ප්‍රමාණය මේ වනවිට 2,000 ක් දක්වා අඩුවී ඇති බවයි මෙල්බන් වරාය බළධාරීන් සඳහන් කලේ.
කෙසේවෙතත් වාහන රැගත් තවත් නෞකා කිහිපයක්ද වරාය ආශ්‍රිතව නැංගුරම් ලා ඇති බව දක්නට තිබෙනවා.

වෙනත් රටවල සිට පැමිණෙන වාහනවල විෂ පැළෑටි – කෲමීන් සහ විවිධ ජෛව රසායන ද්‍රව්‍ය ස්පර්ශ වී තිබීම හමුවේ මෙල්බන් ඇතුලු වරායන් කිහිපයකින් ඒවා නිදහස් කිරීම මාස ගණනක සිට ප්‍රමාදව පැවතුණා.
ඇතැම් වාහන මාස 21 ක් පමණ එලෙස වරායන් හි සිරවී තිබූ බවද සඳහන්.

ඔස්ට්‍රේලියානු බළධාරීන්ට අනුව 2021 වසරේ සිට ජෛව ආරක්ෂණ ගැටලු සමග පැමිණෙන වාහන සංඛ්‍යාව සියයට 88 කින් ඉහළගොස් තිබෙනවා.