NSW ඉතිහාසයේ ඔට්ටු ප්‍රචාරණ ආයතනයකට ඉහළම දඩය පණවයි

නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ සූදු සහ ඔට්ටු තැබීමේ ප්‍රචාරණ ආයතනයකට පැණවූ ඉහළම දඩය නියම කර තිබෙනවා.

ඒ අනුව පුවත්පත් – රූපවාහිනී සහ සමාජ මාධ්‍ය භාවිත කරමින් දැන්වීම් පළකල ආයතනයකට ඩොලර් 210,000 ක දඩයක් පණවා ඇති බව සඳහන්.

මොවුන් නිවු සවුත් වේල්ස් හි ඔට්ටු රෙගුලාසි කඩකර ඇති බවට චෝදනා 14 ක් ගොණු කර තිබෙනවා.

Melbourne Cup ඇතුලු තරගාවලි කිහිපයකට අදාළව මෙම ආයතනය නීති විරෝධී ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

https://www.9news.com.au/national/betr-210000-dollar-fine-liquor-gaming-nsw-inducement-participate-gambling/4ba82824-7856-4af2-95cb-5acf6ff3f352

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »