
සිය ගණුදෙනුකරුවන්ට ඉක්මන් සහ වඩාත් සුරක්ෂිතව භාණ්ඩ බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් Coles වෙළඳසැල් ජාලය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව Uber eats සමග එක්ව Coles අලෙවිසැල් 500 ක් පමණ භාණ්ඩ බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිතයි.
මෙහි පළමු අධියර මෙල්බන් නගරයේ අලෙවිසැල් 40 කින් ආරම්භ කෙරෙනු ඇති.

ඇණවුම් කරන භාණ්ඩ පැයක් ඇතුළත නිවසටම බෙදාදීම සිය අපේක්ෂාව බව Coles නිවේදනය කරනවා.
මේ හරහා ඔස්ට්‍රේලියාව තුළ Uber eats භාවිත කරන වැඩිම පාරිභෝගිකයන් පිරිස තමන් සතු වනු ඇති බවයි Coles වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
