ඕස්ට්‍රේලියාව කොරෝනා එන්නත නිෂ්පාදනය ආරම්භ කිරීමට සූදානම් වේ.

ඕස්ට්‍රේලියාව කොරෝනා එන්නත නිෂ්පාදනය ආරම්භ කිරීමට සූදානම් වේ.

Australia to start manufacturing COVID vaccine as rollout plan is revealed.

ඕස්ට්‍රේලියාව විසින් COVID-19 එන්නත නිෂ්පාදනය කිරීම මේ මස ආරම්භ කිරීමට සූදානම් වේ.

සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේ Oxford AstraZeneca එන්නත නොවැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාවේ CSL යන නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා බවයි.

තවත් COVID-19 එන්නත් දෙකක් මිලදී ගැනීමට රජය සූදානම් බව Hunt පැවසීය. එනම් ඕස්ට්‍රේලියානුවන්ට එන්නත් වර්ග හතරකට ප්‍රවේශ විය හැකිය.

සෞඛ්‍ය අමාත්‍යවරයා වඩාත් අවදානමට ලක් වූ අයට එනම් වෛද්‍යවරුන්, හෙදියන් සහ වයස්ගත සත්කාරක සේවකයින් ඇතුළු සෞඛ්‍ය සේවකයින් හට​ මාර්තු මාසයේ සිට එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව පැවසීය​.

ඊළඟට රජය “අත්‍යවශ්‍ය සේවකයින්” ලෙස සලකන ප්‍රවාහන සේවකයින් සහ ගුරුවරුන් හට​ එන්නත ලබා දීමට බලාපොරොත්තු වේ.

ඕස්ට්‍රේලියානු රජය ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන​ 2021 වසර අග භාගයේදී අනෙක් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට  එන්නත ලබා දීමට කටයුතු කරනු ඇත​. 

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »