Search

නගර 02 ක හැර සිල්ලර ඉන්ධන මිළ ඉහළ අගයක පවතින බවට චෝදනා

ප්‍රධාන නගරවල තොග සහ සිල්ලර ඉන්ධන මිළ ගණන් අතර පවතින වෙනසකට පිරවුම්හල් සෘජුව වගකිව යුතු බවට චෝදනා එල්ල වනවා.

ඇඩිලේඩ් සහ පර්ත් හැර අනෙකුත් සෑම ප්‍රධාන නගරයකම පාහේ තොග ඉන්ධන මිළ සහ සිල්ලර මිළ අතර ශත 20 කට ආසන්න වෙනසක් පවතින බව සඳහන්.

දැනට ඔස්ටේ්‍රලියාවේ ඩීසල් තොග මිළ සටහන් වන්නේ ඩොලර් 1.79 ක් ලෙසයි.

එහෙත් සිල්ලර ඩිසල් මිළ ගණන් සළකා බැලීමේදී ඩාර්වින් හි ඩොලර් 2.09 ක් / හෝබාර්ට් හි ඩොලර් 2.06 ක් / කැන්බරා හි ඩොලර් 2.04 ක් / මෙල්බන් හි ඩොලර් 1.98 ක් සහ බ්‍රිස්බන් හි ඩොලර් 1.97 ක් ලෙසයි පවතින්නේ.

පසුගිය ජූනි මාසයේදී ඩීසල් බැරලයක මිළ අමෙරිකානු ඩොලර් 186 ක් ලෙස පැවතියද මේ වනවිට එය ඩොලර් 101 ක් දක්වා අඩුවී තිබෙනවා.

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »