
Aged care මධ්‍යස්ථාන සඳහා පණවා ඇති නව නියමයන් හමුවේ ඒවා වසා දැමීම් ඉහළ ගොස් ඇති බව අනාවරණය වනවා.
ලබන ජූලි පළමුවනදා සිට පැය 24 පුරා හෙද සේවය ක්‍රියාත්මක කල යුතුය යන්න ප්‍රධාන නියෝගයක්.
කෙසේවෙතත් සේවක හිගය හමුවේ එම ක්‍රියාත්මක කිරීම අතිශය අපහසු බවයි Aged care මධ්‍යස්ථාන හිමිකරුවන් අවධාරණය කරන්නේ.

එමෙන්ම Aged care මධ්‍යස්ථාන බොහොමයක් පාඩු ලබන බැවින් ෆෙඩරල් රජයේ නව නියෝග ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් උද්ගත වී තිබෙනවා.
වසර මැද වනවිට සියලුම Aged Care මධ්‍යස්ථානවල පැය 24 පුරා ලියාපදිංචි හෙදියන් යෙදවීමේ රජයේ සැලසුම ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගිකව අසීරු බවට ෆෙඩරල් රජය විසින්ද පිළිගෙන තිබෙනවා.

Aged Care මධ්‍යස්ථානවල සිටින සෑම නේවාසිකයෙකුම එක් දිනයකදී අවම වශයෙන් විනාඩි 200 ක කාලයක් හෙදියකගේ රැකවරණයට යටත් කිරීම ප්‍රධාන ඉලක්කයක්.
මේ සඳහා ලේබර් පක්ෂ රජය විසින් ඩොලර් බිලියන 02 ක මුදලක් වෙන් කලද Regional ප්‍රදේශවල එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අසීරු බවටයි හඳුනාගෙන ඇත්තේ.