ඔස්ට්‍රේලියාවට එන Student Visa ලාභීන් තවමත් පහළ අගයක

පසුගිය පෙබරවාරි මාසයේදී ශිෂ්‍ය වීසා ලාභීන් 142,580 දෙනෙකු ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා.

එය පෙර වසරේ පෙබරවාරි මාසය හා සැසඳීමේදී 93,270 ක ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් 2019 වසරේ පෙබරවාරි මාසය හා සළකා බැලීමේදී ශිෂ්‍ය වීසා ලාභීන්ගේ පැමිණිම තවමත් පවතින්නේ සියයට 22.5 ක පමණ අඩුවක් ලෙසයි.

පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති මුලු පිරිස 13 ලක්ෂ 75 දහස් 520 ක් වන අතර රටින් පිටව ගිය සංඛ්‍යාව 10 ලක්ෂ 68 දහස් 410 ක්.

වැඩිම පිරිසක් පැමිණි රටවල් වන්නේ නවසීලන්තය – මහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදයයි.

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

පාලිත තෙවරප්පෙරුමගේ මරණයට හේතුව හෙළිවෙයි

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුමගේ මරණය විදුලි සැර වැදීමෙන් සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූවක් බව පශ්චාත් පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

Read More »

පිහි ඇනුම නිසා වැසුණු සාප්පු සංකීර්ණය අද විශේෂ කටයුත්තක් වෙනුවෙන් විවෘත වෙයි

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයේ සිදුවූ පිහි ඇණුම හේතුවෙන් තාවකාලිකව වසා දැමූ සාප්පු සංකීර්ණය යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

Read More »