සිංහල අලුත් අවුරුදු ප්‍රධාන නැකැත් චාරිත්‍ර අද – නිවැරදිම වේලාව Ausලංකා TV වෙතින්

මෙවර සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධාන නැකැත් චාරිත්‍ර අදට යෙදී තිබෙනවා.

මෙල්බන් – සිඩ්නි සහ කැන්බරා නගර සඳහා අලුයම 04.10 ට පුණ්‍ය කාලය ආරම්භ වු අතර එය පස්වරු 03.45 ටයි අවසන්වීමට නියමිතව ඇත්තේ.

අලුයම 05.40 ට අලුත් අවුරුද්ද උදාවුණා.

ලිප ගිනි මෙලවීම සහ ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ දකුණු දිශාව බලා පෙරවරු 06.27 ටයි.

විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි මිශ්‍ර කිරිබතක්ද තල හා විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කල යුතු බවයි ජ්‍යෙතිශයෙහි දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම – ආහාර අනුභවය සහ ගණුදෙනු කිරීමේ නැකත මෙල්බන් – සිඩ්නි සහ කැන්බරා නගර සඳහා පෙරවරු 07.19 ට උදාවන අතර විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසී එම චාරිත්‍රය ඉටු කිරීම යෝග්‍යයි.

අද දිනයට යෙදී ඇති සියලුම නැකැත් චාරිත්‍ර නිවැරදිම වේලාවට Ausලංකා TV හරහා සජීවීව විකාශය කිරීමට නියමිතයි.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »