NSW පැවති රජයේ ප්‍රවාහන ව්‍යාපෘති ගැන විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැවති රජය විසින් ක්‍රියාත්මක කල ප්‍රවාහන සැලසුම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට වත්මන් ලේබර් පක්ෂ රජය පියවර ගෙන තිබෙනවා.

සිඩ්නි නාගරික කලාපය සඳහා යෝජනා වී තිබියදී පසුව අත්හිටුවන ලද බස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ නම් මගීන්ට දැඩි පීඩාවන්ට මුහුණදීමට සිදුවන බවයි වත්මන් අගමැති ක්‍රිස් මින්ස් අවධාරණය කරන්නේ.

මේ සඳහා වෙන් කර තිබූ මුදල ඩොලර් බිලියන 23 ක් වැනි ඉහළ අගයක් ගනු ලැබුවද මගීන්ට අත්වන ප්‍රතිලාභය ඉතාම අල්ප බවයි ලේබර් පක්ෂ රජය පෙන්වා දෙන්නේ.

2023 වසරේදී මෙම ව්‍යාපෘති අවසන් කිරීමටයි නිවු සවුත් වේල්ස් පැවති ලිබරල් රජය තීරණය කර තිබුණේ.

රථවාහන තදබදය වළක්වාලීම එහි ප්‍රධානම අරමුණ බවට සඳහන් කර තිබුණා.

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »

ඇඩිලේඩ්හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක හදිසි පොලිස් මෙහෙයුමක්

ඇඩිලේඩ්හි Marion ප්‍රදේශයේ වෙස්ට්ෆීල්ඩ් සාප්පු මධ්‍යස්ථානයකට පැමිණි සන්නද්ධ පුද්ගලයෙක් හේතුවෙන් එහි ජනතාව ඉවත් කර විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

Read More »