
පිටගැස්ම රෝගය ආසාධනයෙන් සිඩ්නි නුවර පදිංචි කාන්තාවක මියයාමත් සමග අදාළ එන්නත්කරණයට වහා යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දන්වා සිටිනවා.
70 සහ 80 වියැති තවත් කාන්තාවන් දෙදෙනෙකුද මේ වනවිට පිටගැස්ම ආසාධනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවයි නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ සඳහන් කලේ.
බැක්ටීරියාවක් මගින් ආසාධනය වන පිටගැස්ම සැළකෙන්නේ ඉතා දුර්ලභ රෝගයක් ලෙසයි.

කිසියම් අයෙකුගේ තුවාලයක් හරහා එය සිරුරට ඇතුලුවිය හැකියි.
මෙය බෝවන රෝගයක් නොවන අතර එන්නත්කරණයෙන් පමණක් ආසාධනය වළක්වා ගත හැකි වනවා.

වයස අවුරුදු 50 ඉක්මවා ඇති සියල්ලන් පිටගැස්ම එන්නත්කරණයට යොමුවීම වැදගත් බවයි ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.