
දකුණු ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රසිද්ධ ස්ථාන රැසක දුම්පානය සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය තහනම් කිරීමේ නව නීති සකස් කර තිබෙනවා.
ප්‍රාන්ත රජය පවසන්නේ කුඩා ළමුන්ට වන හානිය සළකා බලා මෙම තීරණය ගන්නා බවයි.
මේ අනුව පාසල් – වෙළඳ සංකීර්ණ – පොදු කාර්යාල – ක්‍රීඩාංගණ සහ වෙරළ තීරයන් ගණනාවක් තහනම් ලැයස්තුවට ඇතුළත් කිරීමට නියමිතයි.

එක් එක් ස්ථානය මත පදනම්ව මීටර් 05 ත් 10 ත් අතර දුරක සිට දුම්පානය තහනම් කිරීම මේ යටතේ සිදුවනු ඇති.
තැබෑරුම් තුළ දුම්වැට අලෙවි යන්ත්‍ර සවි කිරීමද අත්හිටුවීමට නියමිත අතර කුඩා ළමුන්ට දුම්වැටි අලෙවිය සම්බන්ධ දඩ මුදල් දෙගුණ කිරීම ප්‍රධාන යෝජනාවක්.

දැනට එම දඩය ඩොලර් 1200 ක් ලෙස පවතින අතර එය ඩොලර් 2400 දක්වා ඉහළ දැමීමටයි තීරණය වී ඇත්තේ.
රෝහල් – aged care මධ්‍යස්ථාන සහ පිහිණුම් තටාක ආසන්නයේ දුම්පානය සම්බන්ධයෙන්ද නව නීති හඳුන්වාදීමට පියවර ගන්නා බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සඳහන් කලා.