$ බිලියන 74 ක ශිෂ්‍ය ණය කපා හැරීමේ යෝජනාවක්

උසස් අධ්‍යාපනය හදාරන සිසුන් විසින් ලබාගෙන ඇති ඩොලර් බිලියන 74 ක වටිනාකමින් යුත් ශිෂ්‍ය ණය කපා හැරීමේ යෝජනාවක් ලබන සතියේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ග්‍රීන්ස් පක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ශිෂ්‍ය ණ්‍ය පොළිය ඉහළ දැමීමට සූදානම් වන වාතාවරණයකදී වීමද විශේෂත්වයක්.

දැනට උපාධි අධ්‍යාපනයක් හදාරන සිසුන් මිලියන 03 කට ආසන්න පිරිසකට ඔවුන්ගේ ශිෂ්‍ය ණය සියයට 07 කින් පමණ වැඩිවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ඊට අදාළ තහවුරු කරන ලද පොළී අනුපාතිකය ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව ඇත්තේ ලබන 26 වනදායි.

මෙවර ජූනි මාසයේදී ශිෂ්‍ය ණය සියයට 07 කින් පමණ ඉහළ යනු ඇති බවත්, ඒ අනුව දැනට ඩොලර් 25,000 ක පමණ ණය මුදලක් ගෙන ඇති අයෙකුගේ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් 1,500 කින් පමණ වැඩිවනු ඇති බවටත් තක්සේරු කර තිබෙනවා.

ශිෂ්‍ය ණය සඳහා ක්‍රෙඩිට් කාඩ් හෝ නිවාස ණය සඳහා වැනි ඉහළ පොළියක් බලාත්මක නොවුවද කුමන හෝ අගයකින් පොළිය ඉහළයාම ශිෂ්‍ය ණය හිමියන්ට දැඩි ගැටලූවක් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙහි වැඩිම බලපෑම එල්ලවනු ඇත්තේ කිසිදු රැකියාවක නිරත නොවන සිසුන්ට බව ද සඳහන්.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »