
දුම්රිය ඉදිරිපස සහ පිටුපස අනාරක්ෂිතව ගමන් කිරීමේ සිදුවීම්වල ඉහළයාමක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන බළධාරීන් වාර්තා කරනවා.
2021 වසරේ සිට සැසඳීමේදී එවැනි සිදුවීම් සියයට 13 කින් ඉහළගොස් ඇති බව සඳහන්.
Buffer riding ලෙස හැඳින්වෙන මෙහිදී පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් ධාවනය වන දුම්රියක අනාරක්ෂිතව ගමන් කිරීම අතිශය භයානක සහ අනතුරුදායක බවයි ප්‍රවාහන බළධාරීන් අවධාරණය කරන්නේ.

පසුගිය වසර 05 තුළදී සිඩ්නි නගරයේදී පමණක් එලෙස ගමන්කල පුද්ගලයන් 11 දෙනෙකු මරණයට පත්වී තිබුණා.
මෙවැනි පුද්ගලයන් සී සි ටී වී දර්ශන මගින් හඳුනාගැනීමට සහ දැඩි පියවර ගැනීමටයි ඔස්ට්‍රේලියානු ප්‍රවාහන අංශ සූදානම් වන්නේ.

දැනට පවතින නීතියට අනුව එවැනි වරදකට හසුවන පුද්ගලයෙකුට ඩොලර් 550 ත් 5,500 ත් අතර දඩයක් පැණවිය හැකියි.