ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය මාසයේදී නොවෙනස් අගයක එනම් සියයට 3.5 ක මට්ටමේ පවතින බව අනාවරණය වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල දත්ත වාර්තාවේ දැක්වෙන්නේ මාර්තු මාසයේදී නව රැකියා 53,000 ක් බිහිවී ඇති බවයි.
රැකියා අහිමිවු සංඛ්‍යාව 1,600 ක් වැනි පහළ අගයක් දක්වා අඩුවී තිබීම විශේෂත්වයක්.
මේ අනුව වසර 50 කට පමණ පසු ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අවම අගය සටහන් කරමින් සියයට 3.5 ක් වැනි පහළ අගයකට පත්ව තිබෙනවා.
කාන්තාවන් රැකියා සඳහා යොමුවීමේ කැපී පෙනෙන වැඩිවීමක් මෙම කාලය තුළදී නිරීක්ෂණය වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව පසුගිය මාස 02 තුළදී එලෙස නව රැකියා ආරම්භ කල කාන්තාවන් සංඛ්‍යාව 81,000 කට අධිකයි.