ලබන නොවැම්බර් 07 වනදාට යෙදී ඇති Melbourne Cup දිනයේදී ප්‍රසිද්ධියේ මත්පැන් පානය වරදක් ලෙස නොසැළකීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
මේ අනුව මත්පැන් පානය හමුවේ අන් පුද්ගලයන්ට අපහසුවක් ඇතිවන ආකාරයෙන් හැසිරෙන පුද්ගලයන් එදින අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ නැහැ.
ඔවුන් වෙනම ස්ථානයක රඳවා තැබීමක් පමණක් සිදුවන බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.
Melbourne Cup දිනයේදී මත්පැන් සම්බන්ධ නීති ලිහිල්ව පැවති නමුත් 2017 වසරේදී සිදුවූ මරණයක් සමග එම නීති යළි දැඩි කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජයට සිදුවුණා.
මේ අතර නීති ලිහිල් කිරීම් හරහා කළහකාරීව හැසිරෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අනාවැකි පළකරනවා.
ඒ අනුව රාජකාරිවල නිරත පොලිස් නිළධාරීන් ගණන වැඩි කිරීමද ගැටලුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.