
ස්වදේශික ජනතා නියෝජන යෝජනාව සංශෝධනයට තවමත් ඉඩ පවතින බවට ලේබර් පක්ෂ රජය දන්වා සිටිනවා.
සියලු පක්ෂවල සහය ලබාගනිමින් මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම රජයේ අරමුණ බවයි ස්වදේශික කටයුතු පිළිබඳ අමාත්‍ය ලින්ඩා බර්නි අවධාරණය කරන්නේ.
ලිබරල් විපක්ෂය විසින් මෙම යෝජනාවට සහය නොදෙන බවට මේ වනවිටත් නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

කෙසේවෙතත් ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට පරිබාහිර මතයක සිටින බවටයි වාර්තා පළවන්නේ.
ඡායා කැබිනෙට්ටුවේ නීතිපති ලෙස කටයුතු කල ජුලියන් ලීසර් ද පසුගියදා ඉදිරිපෙළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්වූයේ ස්වදේශික ජනතා නියෝජන යෝජනාවට සහය දක්වමිනුයි.
