
පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිම පිරිවැටුම් වේගය වාර්තාකල ක්ෂේත්‍රය බවට ඉදිකිරීම් කර්මාන්තය පත්වී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කර ඇති දත්ත වාර්තාවක දැක්වෙන්නේ ජනවාරි මාසයේදී සියයට 3.3 කින් පහළ ගිය එය පෙබරවාරි මාසයේදී සියයට 4.6 කින් වැඩිවී ඇති බවයි.
පරිපාලන – සහයක සේවා – ප්‍රවාහන – තැපැල් යන අංශද පසුගිය පෙබරවාරියේදී සියයට 02 කට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසයේදී ඔස්ට්‍රේලියාවේ අඩුම පිරිවැටුම් වේගය වාර්තාකල ක්ෂේත්‍රය බවට පතල් කර්මාන්තය පත්වී තිබෙනවා.
එහි පහළයාම සියයට 3.7 ක් වන අතර නිෂ්පාදන කර්මාන්තය සියයට 2.9 කින් පහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කරන්නේ.
