
AI හෙවත් කෘත්‍රීම බුද්ධිය තාක්ෂණයේ සීඝ්‍ර ජනප්‍රියත්වයත් සමග අනාගතයේදී වැඩිම බලපෑමක් එල්ලවිය හැකි රැකියා ක්ෂේත්‍ර කවරේදැයි අනාවරණය කර තිබෙනවා.
ඒ අනුව ඉහළම අවධානම් අංශය බවට පරිඝණක ක්ෂේත්‍රය පත්ව ඇති අතර මෘදුකාංග ඉංජිනේරුවරුන් – පරිඝණක වැඩසටහන් ශිල්පීන් සහ මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ගේ රැකියා අනතුරේ පවතින බව සඳහන්.
දෙවන අවධානම් ක්ෂේත්‍රය බවට ජනමාධ්‍ය අංශය පත්ව ඇති අතර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට පවා ඉදිරියේදී වැඩි වශයෙන් කෘත්‍රීම බුද්ධිය ආශ්‍රිතව නිර්මාණය කරනු ලැබූ චරිත යොදා ගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

03 වන ස්ථානයට පත්ව ඇත්තේ නීති වෘත්තිය වන අතර එම ක්ෂේත්‍රයේ රැකියා අතුරින් සියයට 40 කට පමණ එම බලපෑම එල්ලවනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.
වෙළඳ විශ්ලේෂකයන් – ගුරුවරුන් – මූල්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සහ ආයෝජකයන්ද කෘත්‍රීම බුද්ධිය හමුවේ රැකියා අවධානම් තත්වයට පත්වූවන් වී තිබෙනවා.

ග්‍රැෆික් නිර්මාණකරුවන් – ගණකාධිකාරීවරුන් සහ පාරිභෝගික සහය සපයන්නන්ගේ රැකියාද මේ හරහා අහිමිවීමේ ඉහළ අවධානමක් පවතින බවයි මෙම සමීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ.