Search

වසර 03 කට පසු කැන්බරා වෙත ජාත්‍යන්තර ගුවන් ගමන්

වසර 03 කට පසු පළමු වරට කැන්බරා ගුවන් තොටුපළ සමග ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ෆිජී රාජ්‍යයේ අගනුවර සහ කැන්බරා ගුවන් තොටුපළ අතර සෘජු ගුවන් සේවා ආරම්භ කෙරෙනු ඇති.

ලබන සිකුරාදා දිනයේදී මීට අදාළ නිල නිවේදනය නිකුත් කෙරෙන අතර ෆිජී ගුවන් සේවය විසින් දැනටමත් ඊට අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම් ආරම්භ කර තිබෙනවා.

කැන්බරා සහ ෆිජී අගනුවර අතර සෘජු ගුවන් සේවා ආරම්භ වන්නේ වසර 20 කට පමණ පසුව වීමද විශේෂත්වයක්.

2020 වසර වනවිට කැන්බරා ගුවන් තොටුපළ වෙත සිංගප්පූරු ගුවන් සේවය සහ කටාර් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කල අතර කොවිඩ් වසංගතය එළැඹීමත් සමග ඒවා අත්හිටුවනු ලැබුවා.

කෙසේවෙතත් කටාර් ගුවන් සේවයද තවත් සති කිහිපයකින් දෝහා සිට කැන්බරා දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමටයි සැලසුම් කරමින් සිටින්නේ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »