Search

තට්ටය ඇති අයට කොරෝනා අවදානම වැඩි බව සොයා ගැනේ (ඕස්ට්‍රේලියානු බෝවන රෝග විශේෂඥ සංජය සේනානායක)

තට්ටය ඇති අයට කොරෝනා අවදානම වැඩි බව සොයා ගැනේ (ඕස්ට්‍රේලියානු බෝවන රෝග විශේෂඥ සංජය සේනානායක)

Why bald men might be more susceptible to severe COVID-19.

ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම COVID-19 වෛරසය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බව නව පර්යේෂණයක් මඟින් සොයා ගෙන ඇත​. තට්ට මිනිසුන් තුළ COVID-19 බහුලව දක්නට ලැබෙන බව නව පර්යේෂණවලින් හෙළි වී තිබේ.

ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මඟින් dihydrotestosterone නම් හෝමෝනයක් නිපදවන අතර එම හෝමෝනය තට්ටය සඳහා වගකිව යුතු වේ. එම හෝමෝනය මගින් මිනිසුන්ට COVID-19 වලට වැඩි අවදානමක් ඇති කළ හැකිය.

“ස්පාඤ්ඤයේ කරන ලද අධ්‍යයනවලින් පෙනී යන්නේ, තට්ටය සහිත මිනිසුන් හට COVID-19හි බලපෑම දරුණු බවයි,” බෝවන රෝග විශේෂඥ සංජය සේනානායක ඊයේ(31/10) පැවසීය.

තවදුරටත් ඔහු අදහස් දක්වමින් පැවසූවේ රුධිර කාණ්ඩය අනුව COVID-19හි බලපෑම වෙනස් වන බවයි.

COVID-19 ආසාදනය වුවහොත් ඇතැම් රුධිර කාණ්ඩ ඇති පුද්ගලයින්ට දරුණු රෝග ලක්ෂණ ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.

“O රුධිර කාණ්ඩය ඇති අය කොරෝනා සඳහා වඩාත් ඔරොත්තු දෙන අතරේ A රුධිර කාණ්ඩය ඇති අය සඳහා දරුණු ලෙස බලපායි.” මහාචාර්ය සේනානායක පැවසීය.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »