Search

නිවාස වෙළඳපොළ ගැන IMF වෙතින් ඔස්ට්‍රේලියාවට අනතුරු ඇගවීමක්

උද්ධමනය ඇතුලු සාධක හමුවේ නිවාස වෙළඳපොළ කඩාවැටීමේ අවධානම වැඩිම සංවර්ධිත රටවල් අතර දෙවන ස්ථානයට ඔස්ට්‍රේලියාව නම් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම දර්ශකයේ වැඩිම අවධානම සහිත රට ලෙස නම් කර ඇත්තේ කැනඩාවයි.

ඉහළ ණය සහ උකස් වාරික හමුවේ ඉදිරියේදී ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට ඒවා ගෙවාගත නොහැකි තත්වයක් උදාවනු ඇති බවටද මූල්‍ය අරමුදල අනතුරු අගවා සිටිනවා.

පසුබෑමකට ලක්ව තිබූ මෙරට නිවාස වෙළඳපොළ නැවත ශක්තිමත් වෙමින් පවතින බවට වාර්තාවක් පළවී දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම අනතුරු ඇගවීම නිකුත් කිරීමද විශේෂත්වයක්.

මේ අතර රට ආර්ථික අවපාතයකට ගමන් කරනු ඇතැයි තමන් අපේක්ෂා නොකරන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික ඇමති ජිම් චාමර්ස් අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »