ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 02 න්ම අද සිට ජීවන වියදමට විසඳුමක්

ඉහළ යන ජීවන වියදමට විසඳුමක් ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාල 02 ම අද සිට පාරිභෝගික සහන වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබෙනවා.

අද සිට ඉදිරි සති 12 සඳහා භාණ්ඩ වර්ග රැසක මිළ අඩුවෙන් හෝ නොවෙනස්ව පවත්වාගෙන යාමටයි Coles වෙළඳසැල් ජාලය කටයුතු යොදා ඇත්තේ.

මස් වර්ග – බිස්කට් – උදාසන ආහාර ඇතුලු වර්ග රැසක් ඒ අතර වනවා.

මේ අතර තෝරාගත් භාණ්ඩ වර්ග රැසක් සඳහා ලබාදෙන ප්‍රසාද දීමනා සංඛ්‍යාව 10 ගුණයකින් ඉහළ දැමීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය කටයුතු යොදා තිබෙනවා.

මැයි 09 වනදා දක්වා එය බලාත්මක වනු ඇති.

සුපිරි වෙළඳසැල් සඳහා ඔස්ට්‍රේලියානුවන්ගේ සතියක වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට සන්සන්දනය කිරීමේදී මෙම වසරේදී ඩොලර් 37 කින් එනම් ඩොලර් 185 ක් දක්වා ඉහළගොස් ඇති බවයි පසුගියදා නිකුත් වූ වාර්තාවක දැක්වුණේ.

එමෙන්ම ඔස්ට්‍රේලියානුවන් අතුරින් 3/4 ක් පමණ මුහුදු ආහාර – මාංශ වර්ග සහ ඇල්කොහොල් මිලදි ගැනීම අඩු කර ඇති බවද එහිදී අනාවරණය වුණා.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »