ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Oz Lotto (ඔස් ලොටෝ) ටිකට් ලොතරැයියේ පළමු ත්‍යාගය වන ඩොලර් මිලියන 30 ක සමස්ත මුදල දිනා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වාසියෙකු සමත්වී තිබෙනවා.
කෙසේවෙතත් එම ජයග්‍රාහකයා කවුරුන්ද යන්න මේ දක්වා නිල වශයෙන් අනාවරණය වී නැහැ.
මෙවර ජයග්‍රාහී අංක වූයේ 19 – 47 – 15 – 46 – 12 – 9 සහ 21 යි.
අතිරේක අංක ලෙස 16 – 34 සහ 30 ප්‍රකාශයට පත් කෙරුණා.
මීට මාසයකට පෙරද ඩොලර් මිලියන 40 ක සමස්ත ලොතරැයි ත්‍යාග මුදලක් ජයගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තවාසියෙකු සමත්ව තිබීම විශේෂත්වයක්.