
උතුරු ක්වීන්ස්ලන්ඩ් හි කෙයාර්න්ස් හිදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි සිසිර ගජනායක සහ ඔහුගේ පුත්‍රයා වන 21 හැවිරිදි තේමි ගජනායක බවයි පැවසෛන්නේ.
ඔවුන් ඊයේ පස්වරුවේ තවත් පිරිසක් සමග කුඩා දිය ඇල්ලක් ආසන්නයේ දිය නාමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුවී තිබෙනවා.

සිසිර ගජනායක පළමුවෙන් දියේ ගිලී ඇති අතර ඔහුගේ පුත්‍රයා සහ දියණිය විසින් ඔහු බේරා ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.
ඔවුන් 03 දෙනා ගොඩට පැමිණෙමින් සිටියදී යළිත් දියේ ගසාගෙන ගොස් ඇති අතර එහිදීයි සිසිර ගජනායක සහ පුත්‍රයා වන තේමි ගජනායක මියගොස් ඇත්තේ.

හදිසි ජීවිතාරක්ෂක සේවා කණ්ඩායම් පැමිණ තිබූ නමුත් ඔවුන් දෙදෙනා ඒ වනවිටත් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.