ඔස්ට්‍රේලියා අත්‍යවශ්‍ය සේවක ආදායමෙන් 2/3 ක් නිවාස වෙනුවෙන්

[lock][/lock]ඔස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය සේවකයන්ට සිය ආදායමෙන් 2/3 ක් වැය කිරීමට සිදුවී ඇත්තේ නිවාස කුළී ගෙවීමට හෝ ණය වාරික ගෙවීමට බව අනාවරණ වී තිබෙනවා.

aged care – ආගන්තුක සත්කාර – තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන වැනි අංශ 15 ක සේවකයන් ඒ අතර වන බවයි නවතම වාර්තාවක දැක්වෙන්නේ.

2020 වසරේ මාර්තු සිට අත්‍යවශ්‍ය සේවකයන්ට සිය සතියක වැටුපෙන් අවම වශයෙන් පැය 06 ක ආදායම හෙවත් වසරකට දින 37 ක ආදායම වැය කිරීමට සිදුවී ඇත්තේ කුළී වාරික වැඩිවීම් පියවීමට පමණක් බවද මෙහිදී හෙළිවී තිබෙනවා.

සමස්ත ආදායමෙන් වෙනත් කටයුතු සඳහා වැය කිරීමට ඉතුරු වනුයේ සියයට 30 ක් වැනි සුලු ප්‍රතිශතයක් පමණක් බවයි පැවසෙන්නේ.

මෙම තත්වය වළකාලීමට ගත හැකි පහසුම ක්‍රියාමාර්ගය නම් ෆෙඩරල් රජය විසින් අඩු පිරිවැය නිවාස යෝජනා ක්‍රම ආරම්භ කිරීම බවයි මෙම වාර්තාව පෙන්වා දෙන්නේ.

මෙල්බන් වෙත පැමිණි විදේශිකයාගේ ගමන් මල්ලෙන් මිලියන ගණනක මත්ද්‍රව්‍ය මතුවෙයි

මෙල්බර්න් වෙත පැමිණි ගුවන් යානයක සිටි මගියෙකුගේ ගමන් මල්ලක තිබී ඩොලර් මිලියන 1.3ක කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් පොලිස් නිලධාරියා අනතුරට ලක් කර පළාගිය සැකකරු ඇල්ලූ හැටි

සොරකම් කළ මෝටර් රථයකින් මෙල්බන්හිදී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »