සයිබර් ප්‍රහාර වළක්වාලීම සඳහා පොදු ප්‍රතිචාර දැක්විම් ක්‍රමයක්

අනාගත සයිබර් ප්‍රහාර වළක්වාලීම සඳහා සියලුම ප්‍රධාන බැංකු සහ මූල්‍ය ආයතන ඒකාබද්ධ කරගත් පොදු ප්‍රතිචාර දැක්විම් ක්‍රමයක් සකස් කිරීමට ෆෙඩරල් රජය අවධානය යොමු කර තිබෙනවා.

ඔප්ටස් – මෙඩිබෑන්ක් සහ ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් යන ආයතන වෙත එල්ලවූ සයිබර් ප්‍රහාර සළකා මෙම පියවර ගන්නා බවයි සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කරන්නේ.

මෙම සයිබර් ප්‍රහාර හමුවෙි සෑම ඔස්ට්‍රේලියානු පවුලකම අවම වශයෙන් එක් අයෙකු හෝ බලපෑමට ලක්ව ඇති බව සඳහන්.

ඒ අනුව දැනටමත් මිලියන ගණනකට බලපෑම් එල්ලවී ඇති බැවින් ඉදිරියේදී එවැනි තත්වයන් ඇතිවීම වළක්වාලීම මෙහි අරමුණ වී තිබෙනවා.

පසුගිය ස්කොට් මොරිසන් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබූ ඩොලර් බිලියන 1.7 ක වටිනාකමින් යුත් සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙල පූර්ණ වෙනසකට ලක් කරන බවයි පසුගිය පෙබරවාරි මාසයේදී වත්මන් ලේබර් පක්ෂ රජය නිවේදනය කලේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂණ නීති ද පූර්ණ වෙනසකට ලක් කරන බව වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »