
එළඹෙන ඉන්ෆ්ලුවන්සා සමයට පෙර තමන්ට නියමිත එන්නත් ලබාගන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ප්‍රාන්තවාසීන්ට දැනුම් දෙනවා.
මාස 06 ත් අවුරුදු 05 ත් අතර ළමුන් / අවුරුදු 65 ට වැඩි වයෝවෘද්ධ ජනතාව සහ ගර්භණී කාන්තාවන් මෙම කාණ්ඩයට අයත් වනවා.
එමෙන්ම දියවැඩියාව – පිළිකා රෝග – ශ්වසන ආබාධ – ඇදුම – හදවත් / පෙනහලු හෝ වකුගඩු රෝග සහිත පුද්ගලයන්ද අවධානම් තත්වයෙහි ලා සැළකෙනවා.

ශීත සෘතුව එළැඹීමට පෙර තමන්ට නියමිත කොවිඩ් හෝ ඉන්ෆ්ලුවන්සා එන්නත් ලබාගැනීමට වහා පියවර ගන්නැයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.
වෛද්‍යවරුන් සහ ෆාමසි හරහා එම එන්නත් ලබාගත හැකි වනවා.
