
ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැය ලේඛනයේදී දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා වන බදු කැපී පෙනෙන අගයකින් ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.
ඔස්ට්‍රේලියානුවන් අතර දුම්වැටි සහ ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතය කැපී පෙනෙන ලෙස ඉහළයාම හමුවේ එම භාවිතය පාලනය කිරීමේ අරමුණ ඇතිවයි එම පියවර ගෙන ඇත්තේ.
මේ අනුව දුම්වැටි ඇතුලු සියලුම දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන මිළ ගණන් ඉහළ අගයකින් වැඩිවනු ඇති.

කෙසේවෙතත් කුමන ප්‍රතිශතයකින් දුම්කොළ බදු වැඩි කරන්නේද යන්න ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් විසින් මේ දක්වා ප්‍රකාශයට පත්කර නැහැ.
බලපත්‍ර රහිත දුම්කොළ නිෂ්පාදන හමුවේ ෆෙඩරල් රජයට වාර්ෂිකව අහිමිවන බදු ආදායම ඩොලර් බිලියන 1.8 කට ආසන්න බවයි පැවසෙන්නේ.

එමෙන්ම මෙරට යෞවන යෞවනියන් අතර දුම්වැටි භාවිතයද සීඝ්‍රයෙන් වැඩිවී ඇති අතර අවුරුදු 12 ත් 17 ත් අතර ජනගහණයෙන් සියයට 14 ක් පමණ එක් අවස්ථාවකදී හෝ එවැනි දුම්වැටියක් භාවිත කර ඇති බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.