
ඩොලර් මිලියන 28 කට ආසන්න වටිනාකමින් යුත් දුම්කොළ වගාවක් විනාශ කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.
එහි තිබී විනාශ කෙරුණු දුම්කොළ තොගයේ බර ටොන් 16 කට අධිකයි.
ඔස්ට්‍රේලියාවේ ඕනෑම ප්‍රදේශයක දුම්කොළ වගා කිරීම සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය වනවා.

කෙසේවෙතත් 2006 වසරෙන් පසු මේ දක්වා කිසිදු නව බලපත්‍රයක් නිකුත් කර නොමැති බවයි බදු කාර්යාල වාර්තා පෙන්වා දෙන්නේ.
මේ හරහා වසරකට ෆෙඩරල් රජයට අහිමිවන බදු ආදායම ඩොලර් බිලියන 1.8 කට ආසන්නයි.
