ස්වදේශික හඩට සහය දක්වා ඡායා නීතිපති දැඩි තීන්දුවක් ගනී

ස්වදේශික ජනතා නියෝජන යෝජනාවට සහය පතා පාර්ලිමේන්තු ඡායා කැබිනෙට්ටුවෙන් සහ ඉදිරිපෙළ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත්වීමට ජ්‍යෙෂ්ඨ ලිබරල් මන්ත්‍රී ජුලියන් ලීසර් තීරණය කර තිබෙනවා.

ඡායා කැබිනෙට්ටුවේ නීතිපතිවරයා ලෙසද කටයුතු කලේ ඔහු විසින් වන අතර ලිබරල් කණ්ඩායමේ ස්වදේශික ප්‍රකාශක ධුරයද ඔහු විසින් හොබවනු ලැබුවා.

ලේබර් පක්ෂ රජය විසින් ඉදිරිපත් කර ඇති ස්වදේශික ජනතා නියෝජන යෝජනාවට ලිබරල් සන්ධාන රජය එරෙහිවන බවයි විපක්ෂ නායක පීටර් ඩට්න් පසුගිය සතියේදී නිවේදනය කරනු ලැබුවේ.

ඉදිරිපෙළ මන්ත්‍රීන් එම පියවර ගැනීම අනිවාර්ය කෙරුණද පසුපෙළ මන්ත්‍රීන්ට ඔවුන් කැමත තීන්දුවක් ගත හැකි බවද එහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් ලිබරල් සන්ධානය තුළ දැවැන්ත බෙදීමක ළකුණු මේ හරහා නිර්මාණය වී ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »