දකුණු ඔස්ට්‍රේලියාවෙන් “අති උතුම්” හැලෙයි

එක් එක් පුද්ගලයා පිළිබඳ හැඳින්වීමේදී ස්ත්‍රී – පුරුෂ ලෙස වෙන් කර ආමන්ත්‍රණය වෙනුවට පොදු ක්‍රමවේදයක් භාවිත කිරීමට දකුණු ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව මින් ඉදිරියට ඔහු හෝ ඇය යනුවෙන් ඇමතීම වෙනුවට ඔවුන් ලෙස පොදු වදනක් යොදාගැනෙනු ඇති.

බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිබඳ හැඳින්වීමේදී මෙතෙක් යොදාගනු ලැබූ අති උතුම් යන වචනයද මින් ඉදිරියට භාවිත කෙරෙන්නේ නැහැ.

මීට අමතරව ඉදිරියේදී තවත් සංශෝධන රැසක් ගෙන ඒමට දකුණු ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුව සූදානමින් පසුවන අතර ඉන් ඇතැම් යෝජනා මතභේදාත්මක විය හැකි බවටද අනාවැකි පළවනවා.

මාතෘ නිවාඩු අනුමත කිරීම් සහ පාර්ලිමේන්තු ගර්භය තුළදී බිළිඳුන්ට කිරි දීම වැනි යෝජනා ඊට අයත්.

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »