Search

පැහැරගත් දත්ත වෙනුවෙන් කප්පම් නොගෙවීමේ තීරණයක්

පැහැරගනු ලැබූ තම පාරිභෝගිකයන්ගේ සංවේදී දත්ත වෙනුවෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇතත් එය ගෙවීමෙන් වැළකී සිටින බව ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගම පවසනවා.

එලෙස මුදලක් ගෙවුවහොත් එය අපරාධකරුවන්ට අනුබල දීමක් වනු ඇති බවයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් බෙලන් පෙන්වා දෙන්නේ.

කොපමණ කප්පම් මුදලක් ඉල්ලා ඇතිද යන්න ලැටිටියුඩ් ෆයිනෑන්ෂල් සමාගම විසින් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

සිය පාරිභෝගිකයන් මිලියන 14 කට පමණ මෙම අනවසර දත්ත පැහැරගැනීමෙන් බලපෑම් එල්ලවී ඇති බවද එයින් මිලියන 08 කට ආසන්න පිරිසකගේ රියදුරු බලපත්‍ර අංක පැහැරගෙන ඇති බවද ඔවුන් සති කිහිපයකට පෙර නිවේදනය කරනු ලැබුවා.

මේ අතර වසර 10 කට ආසන්න කාලයක් බළධාරීන් මගහරිමින් සිටි අන්තර්ජාල වංචාකරුවෙකු මෙල්බන් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේපළ අලෙවිකරන මුවාවෙන් සැකකරු මෙම වංචාව සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

චෝදනා 08 කට අදාළව මෙම තැනැත්තාට නඩු පැවරීමට නියමිත අතර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු ලබන 20 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »