ආන්දෝලනාත්මක වීඩියෝව ගැන දලයි ලාමා සමාව අයදී

තමා විසින් කුඩා පිරිමි දරුවෙකු සිප ගන්නා වීඩියෝවක් ආන්දෝලනයකට තුඩු දීමත් සමග ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලයි ලාමා සමාව ඉල්ලා තිබෙනවා.

අදාළ දර්ශන සමාජයේ දැඩි විවේචනයකට තුඩු දී ඇති අතර මෙම සිද්ධිය සිදුවී ඇත්තේ සිසුන් 120 ක් සහභාගී වූ වැඩසහනකදීයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන දලායි ලාමා තුමා තම නිල නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ ඔහුගේ ක්‍රියාවෙන් ඇති වූ සිත් රිදවීම පිළිබඳ තමා කණගාටු වන බවයි.

වීඩියෝවේ සිටින පිරිමි ළමයාගෙන්, ඔහුගේ පවුලේ අයගෙන් සහ ලෝකයේ පුරා සිටින මිතුරන්ගෙන් තමා සමාව අයැද සිටින බවද එහි සඳහන්.

එමෙන්ම සාමාන්‍යයෙන් ඔහු මිනිසුන් සමග අහිංසක ආකාරයෙන් කටයුතු කිරීමට නැඹුරු වන බවත් ඔහුගේ කාර්යාලයෙන් නිකුත් කළ නිල ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

අතීතයේ ගංජා භාවිතකල බව වික්ටෝරියා අගමැතිනී පිළිගනී

තමන් අතීතයේදී ගංජා භාවිතයට පෙළඹී සිටි බවට වික්ටෝරියා අගමැතිනී ජසින්ටා ඇලන් සහ භාණ්ඩාගාරික ටිම් පලස් විසින් පිළිගෙන තිබෙනවා.

Read More »

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »