
පෙර පාසල් සඳහා ඇතුලුවන වයස අවුරුදු 4-5 අතර ඔස්ට්‍රේලියානු ළමුන්ගේ සංඛ්‍යාව අඩුවී තිබෙනවා.
පසුගිය වසරේදී එලෙස ඇතුලුවී ඇති සංඛ්‍යාව 334,440 ක් වන අතර එය 2021 වසර හා සැසඳීමේදී සියයට 1.3 ක පහළයාමක්.
ස්වදේශික දරුවන් 21,516 ක් මෙම කාලය තුළදී පෙර පාසල් අධ්‍යාපනය සඳහා යොමුවී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 2.7 ක ඉහළයාමක් ලෙසයි සටහන් වන්නේ.

පෙර පාසල් සඳහා ක්‍රියාත්මක සහනාධාර හමුවේ සියයට 68 කට ආසන්න පෙර පාසල් ළමුන් විසින් පැයකට ගෙවනුයේ ඩොලර් 04 කටත් අඩු මුදලක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.
ප්‍රතිශතයක් ලෙස වැඩිම සිසුන් පිරිසක් ක්වීන්ස්ලන්ඩ් පෙර පාසල් සඳහා ඇතුලුවී ඇති අතර එම ප්‍රතිශතය සියයට 70 ක්.

අඩුම ප්‍රතිශතය වන සියයට 43 සටහන් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනුයි.