Porter Davis මිළදී ගැනීමේ මෙල්බන් සුප්‍රකට ව්‍යාපාරිකයාගේ ඉල්ලීම ඉවතට

බංකොළොත්භාවය ප්‍රකාශයට පත් කෙරුණු පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගම මිළදී ගැනීම සඳහා මෙල්බන් නුවර පදිංචි සුප්‍රකට ව්‍යාපාරිකයෙකු විසින් ඉදිරිපත් කල ලංසුව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පෝටර් ඩේවිස් සමාගමේ ණය කළමණාකරණය වෙනුවෙන් පත් කර ඇති පාර්ශවකරුවන් විසින් තීරණය කර ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාට මීට පෙර මූල්‍ය වංචා චෝදනා එල්ලවී තිබීම හමුවේ ඔහුගේ ඉල්ලීම සත්‍ය එකක් යැයි පිළිගත නොහැකි බවයි.

තම ඉල්ලීමට අවසර ලැබුණහොත් පෝටර් ඩේවිස් සමාගමේ සියලු සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන බවත් ඉදි කෙරෙමින් පැවති දැනට අඩාල වී ඇති නිවාස 1,700 කඩිනමින් ඉදිකර අවසන් කරන බවත් ඔහු පවසා තිබුණා.

පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගමේ මුලු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 ක් බවටයි පළමුවෙන් තක්සේරු කර තිබුණේ.

කෙසේවෙතත් ඔවුන් 2021-22 මූල්‍ය වර්ෂය තුළදීත් දැවැන්ත පාඩු ලබා ඇති බවට අනාවරණය වෙමින් පවතිනවා.

පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගම සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ 12 වන විශාලතම නිවාස ඉදි කිරීම් සමාගම ලෙසයි.

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »