මෙල්බන් නගරයේ දුම්රිය සහ පොදු ස්ථානවල graffiti සිතුවම් අපවිත්‍ර කරන්නන් හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමු කර තිබෙනවා.
පොලිසිය මෙන්ම ප්‍රවාහන බළධාරීන් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ඇති.
වසරකට මෙම අපවිත්‍ර සිතුවම් ඉවත් කිරීම සඳහා මෙල්බන් දුම්රිය බළධාරීන්ට දැරීමට සිදුවන වියදම ඩොලර් මිලියන 10 කට අධිකයි.
මෙල්බන් දුම්රියක graffiti සිතුවමක් අපවිත්‍ර කල 19 හැවිරිදි සැකකරුවෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු සතුව තිබී ස්ප්‍රේ කෑන් 100 කට ආසන්න සංඛ්‍යාවක්ද පොලිස් භාරයට ගැණුනා.
නව වැඩපිළිවෙල සඳහා ඩ්‍රෝන කැමරාවලට අමතරව සී සී ටී වී කැමරා 12,000 කට ආසන්න සංඛ්‍යාවක්ද යොදාගැනීමට නියමිතයි.
පසුගිය වසරේදී මෙම වරද මත පුද්ගලයන් 282 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉවත් කරනු ලැබූ අපවිත්‍ර graffiti නිර්මාණ ප්‍රමාණය වර්ග මීටර් 269,372 ක්.