ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් 10 ක ආදි සිසුන්ගෙන් ඔස්ට්‍රේලියාවේදී සත් සාමාජික රගර් තරගාවලියක්

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩා කරන ප්‍රධාන පාසල් 10 හි ආදි සිසුන් සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන සත් සාමාජික රගර් තරගාවලිය ලබන 23 වනදා සිඩ්නි හිදී පැවැත්වෙනවා.

එදින කෙලිවිල් මෙමොරියල් පාර්ක් හිදී කාණ්ඩ 02 ක් යටතේ මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති.

පළමු කාණ්ඩය යටතේ විවෘත අංශයෙන් කණ්ඩායම් 10 ක් තරග වැදීමට නියමිතයි.

02 වන කාණ්ඩය යටතේ වයස අවුරුදු 40 ට වැඩි ක්‍රීඩකයන් සහභාගීවන කණ්ඩායම් 08 ත තරග පැවැත්වෙනවා.

රගර් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල්වල දැනට ඔස්ට්‍රේලියාවේ වාසය කරන ආදි සිසුන් ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා ටච් ෆුටි ක්ලබ් සිඩ්නි විසිනුයි මෙම තරගාවලිය සංවිධාන කරනු ලබන්නේ.

ඊට මාධ්‍ය අනුග්‍රහය සපයනු ලබන්නේ AusලංකාTv සහ Ausලංකා Radio විසිනුයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »