
ඇඩිලේඩ් නගරයට උතුරින් පිහිටි පාසලක ඊයේ රාත්‍රියේ හටගෙන ඇති සැකකකටයුතු ගින්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පංති කාමර 08 ක් මෙහිදී මුලුමණින්ම ගිනිගෙන විනාශ වී ඇති අතර මුලු පාඩුව ඩොලර් මිලියනයකට අධික බවටයි ගණන් බලා ඇත්තේ.
ඊයේ රාත්‍රී 09.40 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බව දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලා.

සී සී ටී වී දර්ශන උපයෝගී කරගනිමින් විමර්ශන ආරම්භ කර ඇති අතර මෙය ස්වභාවික ගින්නක්ද කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න එහිදී තහවුරු කරගැනීමට නියමිතයි.
