ඔස්ට්‍රේලියාව තුළ වැඩිම පිරිසක් සේවයේ නියුතු වෘත්තිය අලෙවි සහයක (retail assistant) බව හෙළිවී තිබෙනවා.
සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ 2021 වසරේ සංගණනය පැවති කාලසීමාවේදී මෙරට පුද්ගලයන් 514,084 දෙනෙකු එම වෘත්තියේ නිරත වී ඇති බවයි.
දෙවන ස්ථානයට ලියාපදිංචි හෙදියන් පත්ව ඇත්තේ 262,742 දෙනෙකු සමගයි.
සේවකයන් 244,849 දෙනෙකු සාමාන්‍ය ලිපිකරු වෘත්තියේ නිරත වන අතර aged සහ disability සේවකයන් ගණන 227,535 ක්.
ක්ෂේත්‍ර ලෙස සැළකීමේදී වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ සෞඛ්‍ය – සිල්ලර වෙළඳාම – ඉදිකිරීම් සහ අධ්‍යාපනය වන අතර එම ක්ෂේත්‍රවල සිටින සමස්ත සේවක සංඛ්‍යාව ඔස්ට්‍රේලියාවේ මුලු ශ්‍රම බලකායෙන් සියයට 40 කට ආසන්නයි.
අඩුම වයසක් සහිත පිරිසක් නියෝජනය කරන ක්ෂේත්‍රය බවට ආහාර කර්මාන්තය පත්ව ඇති අතර වැඩිම වයසකින් යුත් පිරිසක් නිරත වන්නේ පශූ කර්මාන්ත අංශයේයි.