ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී නව රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.
ඒ අනුව මෑතකදී සිදුකල මාර්ග නීතිවල වෙනස්කම් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලාවකට සහභාගීවී ප්රශ්නාවලියකට මුහුණදීම අනිවාර්ය වනු ඇති.
පැයට කිලෝමීටර් 40 ක වේගය ඉක්මවා ධාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වහාම අත්හිටුවීමද නව රීතිවලට ඇතුළත්.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මහාමාර්ගවලදී සිදුවූ මාරක රිය අනතුරුවලදී ගිය වසරේදී පුද්ගලයන් 299 දෙනෙකු මරණයට පත්වුණා.
එය සැළකෙන්නේ 2009 වසරෙන් පසු තනි වසරකදී ක්වීන්ස්ලන්ඩ් හි සිදුවූ වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාව ලෙසයි.