
පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගම බංකොළොත් භාවය ප්‍රකාශයට පත් කිරීම හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ පමණක් නිවාස 1,500 කට ආසන්න සංඛ්‍යාවක් ඉදි කිරීම ඇණ හිට තිබෙනවා.
එම නිවාසවල වටිනාකම තවමත් තක්සේරු කෙරෙමින් පවතින බවයි රක්ෂණ සමාගම් සඳහන් කලේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ නීතියට අනුව ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිළ ගණන් ඉහළ ගියද නිවාස හිමිකරුවන් සමග පවතින කොන්ත්‍රාත් ගිවිසුම් වෙනස් කිරීමට ඉදි කිරීම් සමාගම්වලට අවසර හිමිවන්නේ නැහැ.

පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගමේ මුලු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 200 ක් බවටයි පළමුවෙන් තක්සේරු කර තිබුණේ.
කෙසේවෙතත් ඔවුන් 2021-22 මූල්‍ය වර්ෂය තුළදීත් දැවැන්ත පාඩු ලබා ඇති බවට අනාවරණය වෙමින් පවතිනවා.

පෝටර් ඩේවිස් (Porter Davis) ඉදි කිරීම් සමාගම සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ 12 වන විශාලතම නිවාස ඉදි කිරීම් සමාගම ලෙසයි.