ලබන වසරේ සිට දකුණු ඔස්ට්‍රේලියාවට තවත් නිවාඩුවක් ?

ලබන වසරේ සිට හෝ පාස්කු ඉරිදා දිනය පොදු නිවාඩු දිනයක් බවට පත් කරන්නැයි දකුණු ඔස්ට්‍රේලියා සිල්ලර වෙළඳ සංගමය ප්‍රාන්ත රජයෙන් ඉල්ලීමක් කරනවා.

මහ සිකුරාදා – ඊට පසු සෙනසුරාදා දිනය මෙන්ම පාස්කු ඉරිදාවට පසු සඳුදා දිනය දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නිවාඩු දින වන නමුත් පාස්කු ඉරිදා දිනය තවමත් එලෙස ප්‍රකාශයට පත් කර නැහැ.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් පාස්කු ඉරිදා දිනය පොදු නිවාඩු ලෙස නම් කර නොමැති ප්‍රාන්ත වන්නේ දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියාවයි.

පාස්කු ඉරිදාව නිවාඩු දිනයක් ලෙස නම් කර නොමැති බැවින් දකුණු ඔස්ට්‍රේලියාවේ කම්කරුවන් ඇතුලු සේවකයන්ට එම දිනවලදී රාජකාරි කිරීමේදී දැඩි අසාධාරණයක් සිදුවන බවයි දකුණු ඔස්ට්‍රේලියා සිල්ලර වෙළඳ සංගමය පෙන්වා දෙන්නේ.

මෙම ගැටලුව වහා විසඳාලීම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ වගකීම විය යුතු බවත් දකුණු ඔස්ට්‍රේලියා සිල්ලර වෙළඳ සංගමය අවධාරණය කරනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »