Search

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට ලක්වන වීසා අයදුම්කරුවන් සඳහා ස්ථිර වීසා බලපත්‍රයක්

ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු සමග වන සබඳතාවයේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයකට ලක්වන වීසා අයදුම්කරුවන් සඳහා ස්ථිර වීසා බලපත්‍රයක් ලබාදීම කෙරෙහි ලේබර් පක්ෂ රජයේ අවධානය යොමුවී තිබෙනවා.

එම ඉල්ලීම සළකා බැලීමට අදාළ වින්දිතයා විසින් පවුල් හෝ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කල යුතුයි.

ගෘහස්ථ හිංසනයට ගොදුරුවූවන් විසින් ඔස්ට්‍රේලියාවේ වීසා සහය අපේක්ෂා කිරිමේදී ඊට අදාළ සාක්ෂි අවශ්‍යතා සඳහා වන වෙනස්කම් කම්කරු පක්ෂ රජය විසින් පසුගියදා නිවේදනය කලා.

මේ සඳහා සාක්ෂි සැපයිය හැකි සෞඛ්‍ය වෘත්තීන් ලැයිස්තුවට පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ඇතුළත් කිරීම සංශෝධනවලට ඇතුළත් ප්‍රධාන කරුණක්.

මෙම සහනයට අදාළ වන ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍ර ලැයිස්තුවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Temporary Partner (subclass 820) වීසා
Provisional Partner (subclass 309) වීසා
Prospective Marriage (subclass 300) වීසා
Dependent Child (subclass 445) වීසා (වීසා දරන්නා වූ මාපියන් පවුල් හිංසන විධිවිධාන සඳහා ඉල්ලුම් කර ඇති යැපෙන්නෙකු ලෙස)
Global Talent (subclass 858) වීසා

CREDIT / SOURCE : SBS

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »