මොරිසන් දේශපාලනයෙන් සමුගන්න යයි

ඔස්ට්‍රේලියා හිටපු අගමැති ස්කොට් මොරිසන් ඉදිරි මාස කිහිපය තුළදී දේශපාලනයෙන් විශ්‍රාම ගනු ඇති බවට වාර්තා පළවනවා.

ලබන මාසයට යෙදී ඇති ෆෙඩරල් අයවැයෙන් පසුව සහ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර ඔහු එම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්.

මෙය වත්මන් විපක්ෂ නායක පීටර් ඩට්න් ට දැඩි පසුබෑමක් වනු ඇති බවටද අනාවැකි පළවනවා.

ලිබරල් සන්ධානය තුළ සිටින අත්දැකීම් බහුලම දේශපාලනඥයෙකු ඉවත්වීම සහ විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පීටර් ඩට්න් ට දිගින් දිගටම එල්ලවන බලපෑම් ඉහළයෑම ඊට හේතුවයි.

කිසියම් අයුරකින් ස්කොට් මොරිසන් විසින් දේශපාලනයෙන් සමුගතහොත් සිඩ්නි හි “කුක්” මැතිවරණ කොට්ඨාශය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වීමටද සිදුවනු ඇති.

කොවිඩ් සමයේ රහසිගතව ඇමති ධුර කිහිපයක දිවුරුම් දීමත් – පසුගිය ෆෙඩරල් මැතිවරණයේදී පරාජයට පත්වීමත් හරහා දේශපාලනයෙන් සමුගන්නා බවට ස්කොට් මොරිසන් අවස්ථා කිහිපයකදී ඉගි පළකර තිබුණා.

කෙසේවෙතත් කුමන කාලයක තමන් එම තීරණය ගන්නේද යන්න සම්බන්ධයෙන් ඔහු මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »